සැන්ඩි නිසා ඇමරිකාවට සිදු වූ විනාශය
සැන්ඩි නිසා ඇමරිකාවට සිදු වූ විනාශයඇමරිකානු ඉතිහාසයේ මෙවන් විනාශකාරී තත්ත්වයක් මින්පෙර ඇති වී නැත. මේ විනාශය සිදු කළේ සැන්ඩි නැමැති චන්ඩමාරුතයයි. ලොව පොලිස්කාරයා යෑයි හඳුන්වන ඇමරිකාව සැන්ඩි හමුවේ පරාජය විය. පෙරේදා උදේ සිට සැන්ඩි කුණාටුව නිව්ජර්සි. නිව්යෝර්ක් මේරිලන්ඩ් -ඩෙලවෙයාර් යන ප්‍රදේශ හරහා හමා යැමෙන් මහත් අරාජික තතත්වයක් උදාවිය. සැන්ඩි නිසා ඇමරිකාවේ සිට යන සහ ඇමරිකාවට එන ගුවන්ගමන් 15000 ක් නතර විය. ඇමරිකානු කේන්ද්‍රස්ථානය වූ නිව්යෝර්ක් නගරයද ජලයෙන් යට වී ගියේය. එසේම විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග රැසක්ද විනාශ කළ සැන්ඩි නැගෙනහිර ඇමරිකානු වෙරළ ප්‍රදේශයේ මිලියන 7.3 ක ජනතාවකට විදුලි බලය අහිමි කළේය. මෙයට පෙර ඇමරිකාවට තර්ජනයක් එල්ල වූයේ අයිරිනි කුණාටුවෙනි. එහෙත් සැන්ඩි චන්ඩ මාරුතයේ බලය ඊට අධික විය.
සැන්ඩි චන්ඩ මාරුතය විදුලි සම්ප්‍රේෂණ මාර්ග විනාශ කිරීමෙන් නිව්යෝර්ක් නගරයේ අන්තර්ජාල පහසුකම් සපයන්නා වූ ඩේටාග්රෑම් ආයතනය අක්‍රීය විය. එම අන්තර්ජාල පහසුකම් යටතේ ක්‍රියාත්මක වූ ගව්කර් - හපින්ටන්පෝස්ට් යන බස්පිඩ් යන වෙබ් අඩවි මෙහෙයවන්නන්ගේ කාර්යාලද ජලයෙන් යට විය. හපින්ටන්පෝස්ට් යනු ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති සාවද්‍ය ප්‍රචාර මෙහෙයවන වෙබ් අඩවියයි.මේ අතර නිව්යෝර්ක් නගරාධිපති මිචෙල් බ්ලුම්බර්ග් පැවසූවේ 50 ක් මියගොස් ඇති බවට වාර්තා වූවත් එම සංඛ්‍යාව ඉහල යැමට ඉඩ ඇති බවය. එසේම නිව්යෝර්ක්හි උමං දුම්රිය මාර්ගද ජලයෙන් යටවිය. මේ නිසා දින කීපයක් යනතුරු උමං දුම්රිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බව වාර්තාවේ. නිව්යෝර්ක්හි කාල ගුණ බලධාරීන් පැවසූවේ පැයකට සැතපුම් 150 ක වේගයෙන් සුළං හැමීම නිසා ගස් කඩා වැටී මාර්ගවලට අවහිර වී ඇති බවයි.
සැන්ඩි චන්ඩමාරුතය නිසා මැන්හැටන්හි විදුලිබලාගාරයක්ද පිපිරී ගියේය. කැරිබියානු ප්‍රදේශයේ හැටනවදෙනකු මරුමුවට පත්කළ සැන්ඩි නිව්යෝර්ක් වෙත පැමිණීමට පෙර ජනාධිපති ඔබාමා ජනතාව වෙතින් ඉල්ලීමක් කරමින් ජීවිතාරක්ෂක නිලධාරීන් දෙන උපදෙස් පිළිගන්නා ලෙසත් ප්‍රමාදයකින් තොරව අනාරක්ෂිත ස්ථානවලින් ඉවත් වන්නැයිද කියා සිටියේය.
මේ ඉල්ලීමෙන් පසු නිව්යෝර්ක්හි 375000 ක පිරිසක් ඉවත් කරලීමට ක්‍රියා කෙරුණි.
සැන්ඩිගේ ආගමනය සිදු වුයේ ඩොලර් බිලියන 57 ක් වටිනා නිව්යෝර්ක්හි නිවාස 254,000 ක් ඇති ප්‍රදේශය ඔස්සේයි. ඒ සමගම කුවින්ස් දිස්ත්‍රික්කයේ නිවාස 50 ක් ගින්නෙන්a විනාශ විය. මෙවන් අරාජික තත්ත්වයක් මත මෑන්හැටන් ප්‍රදේශයේ පාලම් පවා විවෘත කිරීමට ක්‍රියා කලේ හදිසි සේවා කටයුතු සඳහා පමණි. මේ අතර නිව්යෝර්ක් ප්‍රවාහන අධිකාරිය පැවසූවේ නිව්යෝර්ක්හි උමං දුම්රිය මාර්ග සේවාව මින් පෙර මෙවන් විනාශකාරී තත්ත්වයකට මුහුණපෑවේ නැති බවයි. නිව් ජර්සි ප්‍රදේශයේ මාර්ගද අඩි 6 දක්වා ජලයෙන් යට වී ඇත. අත්ලාන්තික් නගරයේ ප්‍රධානතම කැසිනෝ ශාලා 12 ක් ද ජලයෙන් යට වී තිබේ.
සැන්ඩි චන්ඩ මාරුතයේ නිව් යෝර්ක්හි වෙළෙඳ සැල් හා අවන්හල් 20000 ක්ද වසාදැමීමට ක්‍රියා කළේය. පැයකට සැතපුම් 90 ක් 150 ක් අතර වේගයෙන් හමා ආ සැන්ඩි නිසා මුහුදේ දැවැන්ත රළ මාලාවක් ඇති වී ඇමරිකාවේ වෙරළාසන්න නගරද විනාශ විය. මේ අතර ඇමරිකානු බලධාරීන් පැවසූවේ සැන්ඩි ඩොලර් බිලියන 15 ක් විනාශයක් සිදු කළ බවයි.