මේ වසර අවසානයේ ස්වාභාවික විපත් වැඩි ඇයි?(ජෝතිෂ්‍ය ඇසුරින්)


2012 වර්ෂයේ නොවැම්බර් මස 14 වැනිදා පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවේ. අලුයම 3.43ට සිදුවන මෙම සූර්යග්‍රහණය සිකුරු හිමි, තුලා රාශියේ විසා නැකතේ තුන්වන පාදයෙන් යෙදේ. මේ පූර්ණ සූර්යග්‍රහණය යෙදෙන මොහොතේදී නැඟෙනහිර සිතිජයේ කන්‍යා ලග්නය උදා වෙයි.

තුලා රාශියට අධිපති සිකුරු 12 වැන්නේ නීචව සිටීම නිසා පාපතර තත්ත්වය තවත් වැඩි කරයි. විසා නැකත හිමි ගුරු සිකුරු හිමි වෘෂභගේ සිට වක්‍රව රාශිපති දකින මෙම දෘෂ්ටිය සුළු ජනතාවට පවතින පීඩනය වැඩි කරයි. මෙම සූර්යග්‍රහණ මොහොතේදී ශනි තම බලවත් රාශිය වන තුලාවේ සිට සිකුරු රවි හා එක්වීම නිසා ගිනි බිය ඇති කරයි. යුද වැදීම්, මරණ, සුළි සුළං කුණාටු, මහ වැසි, ජල ගැලීම්, නාය යෑම් හේතුවෙන් සුළු ජනයාට මහත් කරදර ඇති කරයි. රටේ ආර්ථික තත්ත්වය හීන වීමෙන් විදේශීය රටවලට ණය වීමට පවා අප රටට සිදුවේ. පාලක පක්ෂයට චෝදනා එල්ල වීම නිසා මහත් බියජනක අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ. පාලන තන්ත්‍රයේ ඇතිවන අඩුපාඩු හේතුවෙන් කම්කරු බලවේග නැඟී සිටිමින් වර්ජන මෙහෙයවයි.

සුළු භූමි කම්පා කිහිපයක් ඇතිවිය හැකි අතර පාලන තන්ත්‍ර ප්‍රධානීන්ට හා ප්‍රසිද්ධ ලේඛකයන්ට අපල ගෙන දෙන කාල සීමාවක් වීමට ඉඩ ඇති අතර ප්‍රසිද්ධ ප¾ඩිවරයකුගේ අභාවයක් පිළිබඳ අසන්නට ලැබිය හැකිය.

නොවැම්බර් 14දා
පූර්ණ සූර්යග්‍රහණයක්

පූර්ණ සූර්යග්‍රහණයක් මෙම නොවැම්බර් 14 වැනිදා සිදුවෙයි. සිකුරු හිමි තුලා රාශියේ විසා නැකතේ, තුන්වන පාදය තුළ සිදුවන මෙම ග්‍රහණයේ මධ්‍යය අලුයම 3.43 ට උදාවේ. නැඟෙනහිර සිතිජයේ මෙම මොහොතට උදාවන තත්කාල ලග්නය කන්‍යා වෙයි.
තුලා රාශිපති සිකුරු 12 වැන්නේ නීචව සිටීම පාපතර තත්ත්ව වැඩි කරයි. විසා නැකත හිමි ගුරු සිකුරු හිමි වෘෂභයේ සිට වක්‍රව රාශිපති දකින මෙම දෘෂ්ටිය සුළු ජනතාවට පීඩා වැඩිකරයි.

තත්කාල ලග්නයෙන් දෙවැන්න වන තුලා රටක ආර්ථිකය ගොඩනඟන රාශිය වන අතර අයවැය, භාණ්ඩාගාරය, මවු භූමි සංවර්ධනය, ණය ගනුදෙනු, පිටින් මිලයට ගැනීම, ගබඩා කිරීම නිරූපණය කරන රාශියක් වෙයි.
මෙම ග්‍රහණ මොහොතේ ශනි තම බලවත් රාශිය වන තුලාවේ සිට සතුරු රවි හා එක්ව ග්‍රහණයට සම්බන්ධ වෙයි. කම්කරුවන්, ඉඩම්, පතල්, වානේ හා යකඩ කර්මාන්ත ප්‍රජාතන්ත්‍රවාදය හා හදිසි තීරණ ක්‍රියාකරවන ග්‍රහයකු වන ශනි, තුන්වන දෘෂ්ටියෙන් අඟහරු ග්‍රහයා දකී.

මෙයින් ගිනි බය වැඩිකරයි. යුද්ධ හා මරන, සුළිසුළං කුණාටු සහිත මහා වැසි, ජල ගැලීම්, නාය යෑම් නිසා සුළු ජනයාට මහත් පීඩන මතුකරයි. භූමි කම්පා කීපයක් ඇතිවීමට ඉඩ ඇත. කලාකරුවන්ට, පාලන තන්ත්‍ර ප්‍රධානීන්ට, ප්‍රසිද්ධ ලේඛකයන්ට අපල දෙන අතර ප්‍රසිද්ධ ප¾ඩිවරයකුගේ අභාවයක් අසන්නට ලැබේ.
රටේ ආර්ථීක තත්ත්වය හීනවීමෙන් ණය ගනුදෙනුවලට වැඩි බලතල පැවරේ. ඒ හේතුවෙන් තව තවත් විදේශ රටවලට ණය වීමට සිදුවෙයි. ජන කොටස්වලින් පාලන පක්‍ෂවලට එල්ලවන චෝදනා නිසා පාලකයන්ට මහත් බිය ජනක අවස්ථාවලට මුහුණ දෙන්නට සිදුවෙයි.
මෙම ග්‍රහණයට හසුවන රවි, සඳු භාණ්ඩාගාරවල තද පාඩු වැඩි කරයි. විවිධ බඩුවල මිල තව තවත් ඉහළ යෑමෙන් බදුබර වැඩිවීමට ඉඩ ඇත. රජයට විවිධ සංවර්ධන සඳහා නොසිතූ ලෙස මුදල් වැයකරන්නට සිදුවේ.

ස්ත්‍රී දූෂණ, අඹුසැමි භේද, දික්කසාද, නඩුහබ අසන්නට ලැබේ. කේලාම් හා චෝදනා ඇවිස්සීම් නිසා පළිගැනීම්වලට පෙලඹෙන අතර රහස් කුමන්ත්‍රණ හා මිනීමැරුම් වැඩිවෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ගමනා ගමන, අධ්‍යාපන හා පාලන තන්ත්‍රවල අඩු පාඩු රැසක් මතුවෙයි. එයින් නැඟී එන කම්කරු බලවේග වෛද්‍ය, ගුරුවරු හා නීතිඥයන්ගේ වර්ජන වැඩිකරයි.

මෙම ග්‍රහණයෙන් විපත් අප රටට බටහිර උතුරට වයඹ හා නැඟෙනහිරට තදින්  බලපානවා ඇත. කෘෂිකර්මාන්තයට හා සංවර්ධනය බාධක වැඩි කරයි. මායිම් ගැටලු වැඩි කරයි. භයානක වසංගත රෝග, දුර්භාග්‍ය, සාගත වැඩි කරයි. බෝග වගාවන්වලට මහත් පාඩු ගෙන දෙයි. ආහාර හිඟයක් ඇතිවේ. මධ්‍ය ප්‍රදේශවල කඳු කඩා වැටීම්, නාය යෑම් ආදිය නිසා කඳු පාමුල සිටින ජනතාවට උන්හිටිතැන් අහිමි වීමට පවා හේතුවෙයි. මුහුදු හා ජලාශ ආසන්නවල පදිංචිකරුවන් විශේෂ අවධානයට ලක්විය යුතුය. ධීවරයන් මුහුදු ගමන් අඩු කළ යුතු කාලයකි.
මෙම නොවැම්බර් 8 සිට දෙසැම්බර් 12 දක්වා කාලය මහත් විපත් ඇතිවිය හැකිය.

ඉදිරි මාස
තුන පරිස්සමින්

ලංකා කෙන්ද්‍රයේ නව වැන්නේ නීච භංග රාජ යෝගයක් යෙදී තිබියදී භූමිපුත්‍ර ලෙස සැලකෙන ආවේගශීලී කුජ ග්‍රහයා නොවැම්බර් 9 වන සිකුරාදා උදේ 9.44ට ගුරුට අයත් ධනු රාශියට ප්‍රවිෂ්ට වීමක් සිදුවේ. අටවිසි මහ යෝග අතුරින් අති බලවත් සිද්ධ යෝගයද මේ මොහොතේ යෙදී තිබීම විශේෂ සිද්ධියකි.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 11 වැන්නට කුජ පැමිණෙන මොහොතේ එහි ලග්නයේ නැප්චූන්ද දෙවැන්නේ යුරේනස්ද සිවුවැන්නේ ගුරු සමඟ කේතු හත්වැන්නේ සඳු අට වැන්නේ සිකුරු නව වැන්නේ ශනි රවි දස වැන්නේ බුධ රාහුද ගමන් ගනී.

මේ සුවිශේෂ ග්‍රහ පිහිටීම අනුව පොදු ජනයාට කම්කරුවන්ට යම් යම් සහන හිමිවන කාලයකි. නිධන් ගත දේ මතුවිය හැකිය. විශේෂයෙන්ම පැරණි නමගිය මන්දිර ගොඩනැඟිලි යටින් උමං හෝ පෞරාණික ගොඩනැඟිලි මතුවිය හැකි එවැනි ගොඩනැඟිලි ගිලා බසින්න බිලිවන මේ තත්ත්වය ජනවාරි 28 දක්වා බලපෑ හැකිය. පොළොවෙන් වටිනා සම්පත් මතුවන කාලයකි. වාසනාව උරගා බලන අයට ධනලාභ බහුල කාලයකි.
සාමාන්‍ය ජනතාව තුළ උද්වේග කර ගති පැවැතුම් ඇතිවේ. නව දේශපාලන නුවණතාවක් දක්නට ලැබෙයි. ප්‍රබල පක්‍ෂවලින් වෙන්ව යන අය ජනවාරි අවසන් වන තුරු බහුල කාලයකි.

පක්‍ෂ නායකයන් සමඟ මත ගැටුම් ඇති කරගන්නා අය බහුල වෙයි. විපක්‍ෂ නායකතුමාට විශාල ප්‍රශ්න ඇතිවේ. සන්ධානවල කැඩී බිඳී යෑම් හැලහැප්පිලි වර්ධනය වන වකවානුවකි. අතතුරු බහුල බෝ වන රෝග තදින් පැතිරෙන මාස තුනක් ඉදිරියට පවතී.

ස්වාභාවික විපත් බහුල කාලයක්

දේශගුණය ආපහු කැලඹිලා. ලෝකයේ රටවල් කිහිපයකින්ම ස්වාභාවික විපත් වාර්තා වුණා. අපේ රටේත් ප්‍රදේශ රැසකටම මහ වැස්සත් සමඟ පැමිණි විපත්වලින් අනතුරු සිදු වුණා. පසුගිය ඔක්තෝබර් 4 වැනිදා වගේම ඔක්තෝබර් 11 වැනිදාත් “මව්බිම - පලාපල” මඟින් මෙවන් විපත් ඇතිවන බවට අපි මත පළ කළා. කෙසේ වෙතත් මේ කනගාටුදායක තත්ත්වය නවතින බවක් නම් පෙන්නුම් කෙරෙන්නෙ නැහැ. මෙවැනි ස්වාභාවික විපත් ඉදිරි කාලයේත් අකමැත්තෙන් වුණත් අපිට බලාපොරොත්තුවෙන්න සිදුවෙනවා. ඒ අනුව ඉදිරියේදී සොබාදහම කෙසේ ක්‍රියා කරනවාද යන්න පිළිබඳ ජේ‍යාතිෂවේදීහු මෙසේ අදහස් පළ කළහ.

 කඳු හා පතල් කඩා වැටීම්

ලෝකායත ජේ‍යාතිෂයට අනුව ස්වාභාවික විපත්තීන්ගෙන් රටකට ව්‍යසනයක් සිදුවන්නේ එරටෙහි ජාතික කේන්ද්‍රයේ ලග්නයේ තීරකයා හෙවත් උපස්ථානාධිපතියා 4, 8, 12 සහ මාරක හා බාධක භාවයන්ට සම්බන්ධ වන්නේ නම් පමණකි. ශ්‍රී  ලංකා ජාතික කේන්ද්‍රයේ ලග්න භාවයේ තීරකයා සඳුය. සඳු 8 වැනි භාවයේද තීරකයා වෙමින් කුජගේ රාශියක හා ශනිගේ නක්‍ෂත්‍රයක සිටී. 4, 7, 12 භාවයන් සඳු දකී. ඒ අනුව 4, 8, 12 යන භාවයන්ට හා 7 වැන්න වූ මාරකස්ථානයට සඳු සම්බන්ධ වේ. එහෙත් බාධකස්ථානයට සම්බන්ධ නොවීම නිසා ප්‍රබල ස්වාභාවික ව්‍යසනයක් නොදැක්වෙයි. සඳු සිටින වෘශ්චිකය භූකම්පන පෙන්වන රාශියක් වන අතර, විශේෂයෙන් වක්‍ර වූ ශනි, රාහු, කුජ, ගුරු එහි තැන්පත්වීම භූකම්පනයන්ට හේතුවේ. මාරකස්ථානාධිපතියෙක් වූ ගුරු ලංකා කේන්ද්‍රයේ වෘශ්චිකයේ සිටී. ගුරු මෙම ජල රාශියේදී බුධ හා සංයෝගය හෝ සප්තමය භූකම්පන ඇතිවීමේ හේතුවකි. එහෙත් අපගේ වාසනාවකට එවැනි පිහිටීමක් නොමැත.

දේශයන්හි සිත් කම්පිත කරවනසුලු ක්‍රියාවනට කාරකයෙක් වූ කුජ 7 වැනි මාරකස්ථානයේ පිහිටීම ගුවන් සහ දුම්රිය අනතුරු, මාර්ග අවහිරතා, කඳු හා පතල් කඩා වැටීම් සහ චණ්ඩ මාරුත ඇති වීමට හේතුවකි. ලග්නය හා 12 අධිපති වෙමින්ද මාරකස්ථානයක් වූ 2 වැන්නේ සහ ජනතාවගේ සුවසෙත දැක්වෙන 6 වැන්නේ තීරකයා වෙමින්ද වක්‍ර වූ ශනි 6 වැන්නේ සිටීම වැඩිහිටි මරණ සංඛ්‍යාව ඉහළ යෑමටද හේතුවක් වේ.

සූර්ය සංක්‍රාන්ති කේන්ද්‍රයේ 8 වැන්න පීඩනයට පත්වුවහොත් එම වසරේදී භූ කම්පනවලින් සමූහ මරණ සිදුවන බව වරහ මිහිර විසින් වෘහත් සංහිතාවේ සඳහන් කර ඇත. එහෙත් 2012 ශ්‍රී  ලංකා සූරිය සංක්‍රාන්ති කේන්ද්‍රයේ එවැනි අශුභ පිහිටීමක් නොමැත.
මෙම ලිපිය සකස් කරන ඔක්. 29 වැනි දින ග්‍රහ සංචරණයන් අනුව සඳු, කුජ හිමි මේෂයේ යෙදුණු 2හිද, කුජ ස්වක්ෂෙත්‍රව වෘශ්චිකයෙහිද, එම රාශියේම බුධ රාහු සමඟ සංයෝගවද සිටී. බුධ, ගුරු හා කුජගේ නියෝජිතයෙක් වශයෙන් පෙනී සිටින රාහු, බුධ සමඟ යෝගව ජල රාශිගත වීම ජල ගැලීම් හා ජලයෙන් සිදුවන ජීවිත හානි, දරුණු සුළි කුණාටු හා මුහුද ගොඩ ගැලීම්ද, කුජ - ගුරු පිහිටීම භූ කම්පන නොවන එහෙත් භූ විෂමතා නිසා සිදුවන හානිද පෙන්වයි.

2012 නොවැ. 16 දක්වා පවතින කුජ, ගුරු, රාහු දශානුදශා කාලය, ලංකා කේන්ද්‍රයේ 8 (ස්වාභාවික විපත්), 3 (දේපොළ හානි), 12 (පාඩු) යන භාවයන්ට සම්බන්ධ වීම නිසා කාලගුණික විපත්වලින් බහුල වකවානුවක් වන බව පෙනේ.

උෟව නැඟෙනහිර සබරගමුව පළාත්වලට විපත් වැඩිවෙන්නේ ඇයි?

මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයෙහි වැඩිපුරම බලපෑම් එල්ල වූයේ නැඟෙනහිර ප්‍රදේශයටයි. මුලතිව්, කිළිනොච්චි, වවුනියා යන දිස්ත්‍රික්කවල 30,000 අවතැන් වූ අතර බෙංගාල බොක්කෙහි ඇතිවූ ගැඹුරු අවපීඩන තත්ත්වයෙහි බලපෑම එල්ල වූයේත් නැඟෙනහිර ප්‍රදේශයටය.
ලංකා කේන්ද්‍රයෙහි ග්‍රහයින්ගේ පිහිටීම අනුව ග්‍රහයන් එකොළහෙන් අටක්ම විකල ග්‍රහයන් බවට පත්වී ඇත. එම විකල ග්‍රහයන් ලංකා කේන්ද්‍රයෙහි 9, 10, 11 යන කොටුවල ගමන් කරයි. මෙම 9, 10, 11 කොටුවලින් ලංකාවේ නැඟෙනහිර, උෟව, සබරගමුව යන ප්‍රදේශවල ග්‍රහචාරය පෙන්නුම් කරයි. විකල ග්‍රහයන් මෙම කොටුවල ගමන් කිරීම තුළින් නැඟෙනහිර, උෟව, සබරගමුව යන ප්‍රදේශවල සිදුවන බලපෑම වැඩිය.

සෙනසුරු තුලා රාශිගතව පිහිටීම වෙනත් කාලවලදී සුබදායක වුවද ග්‍රහයන් 8 දෙනෙකුම විකල තත්ත්වයේ සෙනසුරු වටා පිහිටීම නිසා මෙම විකල ග්‍රහයන්ගේ බලපෑම සෙනසුරුටද බලපැවැත්වෙයි. එනිසා මේ කාලසීමාව උෟව, නැඟෙනහිර, සබරගමුව යන ප්‍රදේශවලට එතරම් සුබදායක නොවේ.

භූ චලන - සුළි සුළං සාගරයේ කැලඹීම්

විශ්ව ශක්තිය තුළ ප්‍රධාන තැනක් ගන්නේ හිරුගෙන් ඇති කරන්නා වූ බලපෑමේ ශක්තිය ඔස්සේය. මේ නිසා මෙම දිනවල රවි ග්‍රහයා සිකුරු හිමි තුලා රාශියේ නීචව ගමන් ගැනීමත්, එම රාශියේම දුකට අධිපති සෙනසුරු ග්‍රහයා උච්චවී ගමන් ගැනීමත් නිසා ශක්ති කදම්භයන් විවිධ බලපෑම් ඔස්සේ ක්‍රියාත්මක වේ. සටන්කාමී අඟහරු තම වාසභවන වන ගෝනුස්සාගේ රූප රාමුවෙන් ඔබ හමුවට පෙන්වා දෙන්නේ නොදන්නා අයුරින් ගෝනුස්සාගේ ප්‍රහාරය ලෙස විශ්වයේ දේශගුණික සාධකයන් වෙනස් කරමින් මිනිසාට මෙන්ම සතා සිවුපාවාටත්, ගහකොළවලටත් විවිධ බලපෑම් ඇති කරන බවයි. එසේම මෙම ග්‍රහ බලපෑම් ගැන නෝස්ටඩෑම්ගේ අනාවැකියත් 2012 දෙසැම්බර් 21 වන දින ළඟාවන්නට ඇති බැවින් විශ්වය තුළ මෙවැනි සිදුවීම් සිදුවීමට පෙළගස්වන බව මාහට සැකපහල කරමින් තිබෙන්නේය.
මෙම විපර්යාසයන් හේතුවෙන් දේශගුණික හා කාලගුණික තත්ත්වයන් මත හටගනිමින්  ඇති විනාශයන් මේ කාලවකවානුව තුළ සිදුවෙමින් පවතින්නේ යැයිද හැඟී යන්නේය. මේ නයින් බලන කල ඉදිරියේදී ශ්‍රී  ලංකාවේ මේ වර්ෂය තුළ භූ චලනයක්ද, නැවතත් සාගරය තුළ සිදුවන කැලඹුණු ස්වභාවයකින් උතුරු නැඟෙනහිර ප්‍රදේශයන් තුළ විපත් සිදුවන්නේය. තවද රට මැද ඇතිවන්නා වූ නායයෑම් කිහිපයක්ද සිදුවන අතර බෝවන රෝග ඉස්මතු වීමේ තත්ත්වයක්ද ඇතිවන්නේය. එසේම සෞඛ්‍ය අංශයන් තුළ විශාල ප්‍රශ්නවලට කැලඹිලි ස්වභාවයක්ද ඇතිවීමෙන් ජනතාවටත් රජයටත් අපහසුතාවන්වලට ලක්වන්නට සිදුවේ. සුළි සුළං වැනි තත්ත්වයන් ඇතිවනවා සේම ස්වභාවික ගිනි ගැනීම් කිහිපයක්ද ඇතිවීමේ ප්‍රවණතාවක් පෙනී යන්නේය.

තවද ලෝකයේ පැරැණි සංස්කෘතීන් තුළ මෙම සිදුවෙමින් පවතින තත්ත්වයන් ගැන විවිධ අයුරින් සටහන් කර තිබෙන බව කවුරුත් දන්නා කරුණකි. එම නිසා සියලුම දෙනා කුසල් සිතිවිලි ඇතිව ජීවත්වීමට සිතාගත යුතු බව සඳහන් කරනු කැමැත්තෙමි.

වසර 40 කට 
පසු ග්‍රහයන් 
අට දෙනෙක් අංගවිකල වේ
ප්‍රතිඵල භයානකයි
ග්‍රහයන් අට දෙනෙක් එකවර අංගවිකල වී ඇති නිසා විපත්තිදායක ප්‍රතිඵල උදා විය හැකියි. පසුගිය අවුරුදු 30-40 ඇතුළත ග්‍රහයන් අට දෙනෙක් එකවරම අංගවිකල වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකියි. 2012.11.01 දින වන විට රවි, සිකුරු, රාහු, කේතු යන ග්‍රහයන් නීච රාශීන්වල ගමන් කරයි. යුරේනස්, ගුරු, නෙප්චූන් යන ග්‍රහයන් වක්‍රව සිටින අතර 2012.11.07 වන විට බුධ ග්‍රහයාද වක්‍ර වෙයි. මෙයට පෙර කාල පරිච්ඡේද හා සන්සන්දනය කිරීමේදී ග්‍රහයන් අට දෙනෙකු එකවර අංගවිකල වීම හේතු කොට ගෙන ලොවටම විපත් ගෙන දිය හැකියි.

වැඩි වශයෙන් මෙම අංගවිකල වූ ග්‍රහයන්ගේ බලපෑම ඉරානයට බලපෑම් කළ හැකි අතර තවත් රටවල් කිහිපයකට අර්බුද ඇති විය හැකිය. වර්ෂාව ආශ්‍රයෙන් පමණක් නොව වෙනත් ස්වාභාවික විපත්වලින් පවා බලපෑම් ඇතිවිය හැකි කාලච්ඡේදයකි.

ලංකා කේන්ද්‍රයේ මෙම විකල වූ ග්‍රහයන්ගේ පිහිටීම අනුව වැඩි වශයෙන්ම නැඟෙනහිර, උෟව, සබරගමුව යන පළාත්වලට මේ අපල තත්ත්වයේ බලපෑම වැඩිය. රවි ග්‍රහයා විකලව ඇති නිසා මෙම පළාතේ රාජ්‍ය නායකයන්ගේ බලය යම් අයුරකින් දුර්වලත්වයට පත් විය හැකිය.
කම්කරු පන්තිය නියෝජනය කරන රාහු, කේතු යන ග්‍රහයන් දෙදෙනාද නීච රාශිවල ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කම්කරු පන්තිය තුළ අර්බුද ඇති විය හැකිය.
කම්කරු පන්තිය දුර්වල වී හානි ඇති විය හැකියි.

ගුරු, බුධ යන ග්‍රහයන් දෙදෙනා වක්‍රවීම නිසා එහි බලපෑම වැඩි වශයෙන් එල්ල වනුයේ බුද්ධිමතුන්ට සහ අධ්‍යාපනයටයි. අධ්‍යාපන ගැටලු නැවත හිස ඔසවන අතර යටපත්ව පැවැති අර්බුදකාරී තත්ත්වයන් උද්ඝෝෂණ අරගල දක්වා ඉහළ යා හැකිය.

අංගවිකල වූ ග්‍රහයන් ලංකා කේන්ද්‍රයෙහි පුණ්‍ය ස්ථානයේය ගමන් කිරීම නිසා මේ මාසය තුළ පූජ්‍ය
පක්‍ෂය තුළ පවා අර්බුදකාරී තත්ත්වයක් මතුවිය හැකියි. යම් යම් කරුණු හේතුවෙන් පූජ්‍ය පක්‍ෂය තුළින්ම උණුසුම් වාද විවාදවීමේ හැකියාව පවතී.
මේ දිනවල ග්‍රහයන් අට දෙනකු විකලව පැවතියත් සඳු බලවත් වී පැවැතීම හේතුවෙන් යම් යම් විපත් සිදුවුවත් එයින් සිදුවන බලපෑම අඩුය. නමුත් මේ තත්ත්වය 2012.11.15 වන විට වෙනස් වේ. නොවැම්බර් 11 වන දින අනෙක් ග්‍රහයන් සේම සඳු ද නීච වේ. එම නිසා 13, 14, 15 යන දිනයන්හිදී සඳු නීචව ගමන් කිරීමේ බලපෑම වැඩි වශයෙන් සබරගමු, උෟව, නැඟෙනහිර යන පළාත්වලට බලපානු ඇත. මේ දිනවලදී ස්වාභාවික විපත් ඇතිවිය හැකි අතර පොළොව ඉරිතළා යෑමක් ගෝ සුළු භූ චලන තත්ත්වයක් අපේක්‍ෂා කළ හැකිය.

Categories:

Leave a Reply

ඔබගේ අදහස් අපිට වටී.ලියන්න පහළින්