“නාය යන්නේ අපේ නොසැලකිල්ල නිසයි ” - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක









ජලය බැසයාම පාලනය කළේ නැතිනම් උස්බිම් නාය යන එක පුදුමයක් නොවෙයි. ගිලා බහින එකත් පුදුමයක් නොවෙයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර් කපිල දහනායක මහතා ද කැන්ඩි නිවුස්  පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බැව් පැවසීය.
පසුගිය කාලේ තද වැහිත් සමග නුවර හන්තානෙ විතරක් නොව නුවරඑළිය රාගල වැලිමඩ ප්‍රදේශවල කඳුත් නායගියා. මෙයට එකම හේතුව ඉහළ බිම් ප්‍රදේශ හඳුනාගෙන ඒවායේ ජලය බැසයාම පාලනය නොකිරීමයි.   ස්භාව ධර්මය හේතු සාධක නිසා ඉහළ බිම් පෙදෙස්වල පැලීම් ඇතිවෙනවා. මේ පැලීම් අප හඳුනාගත යුතුයි. හදුනාගෙන ප්‍රතිකර්ම නොකරන ලද ඉහළ බිම් පෙදෙස්වල ඇතිවන පැලීම් අතරට ජලය කිදා බැස්ස විට කදු නායයනවා. ඉහළ බිම් ප්‍රදේශවල ගල් වැටි දමා කරන වගා ක්‍රමත් හෙල්මළු ක්‍රමයට කෙරෙන වගා රටා නිසාත් සෝදා පාළුව අවම වෙනවා. එවිට නායයාම් ගිලා බැසීම් පාලනය වෙනවා. එසේ නැතිව ඉවක් බවක් නැතිව උස්කදුවල හදන ගොඩනැගිලිත් වගාවනුත් ඒ බිම්වල පැවැත්මට කරන්නේ විශාල හානියක් යනුවෙන් පැවසු ජ්‍යෙෂAඨ මහාචාර්යයවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
අද පෙර වගේ නෙවෙයි. භූ කම්පන ඇති වෙනවා. එවිට පොළොවෙ ඇතිවෙන සෙලවීම් සමග උස්බිම්වල  නායයෑම් සිදුවීමට ඉඩ තියෙනවා. ඒ නිසා මම හැමදාමත් කියන්නේ ඉහළ බිම් ප්‍රදේශවල ගොඩනැගිලි හදනවිට වගා කරන විට මනාව ජලය බැසයාමට ඉඩදෙන්න ඕන කියන එකයි. මා දවසක් නුවරඑළියෙ යනකොට ලොකු වැස්සකට අහුවුණා. රම්බොඩ පැත්තෙ එක තේවත්තක් මැදින් ගලන කුඩා දිය ඇල්ලක වතුර ගලාගෙන ආවෙ දුඹුරු පටින්. ඒ එක්කම ඒ දිය ඇල්ලෙ එක පැත්තක පැහැදිලි වතුර ගලාගෙන එනවා. මා ගිහිං බැලූවිට මේ දිය ඇල්ලට වතුර එන්නෙ වතු දෙකකින්. එක වත්තක තේ වගා කරලා අනිත් වත්තේ එළවළු වගා කරලා. අර දුඹුරු වතුර එන්නෙ එළවළු වගා කරපු ඉඩමෙන්. මීට හේතුව තමා එළවළු වගා කළ බිමතුල ජලය පාලනය වෙන විදියට ගල්වැටි ආදිය නෙත්ති කාණු ආදිය නොදැමීම. මේය තමා ඕනෑම බිමකට දෙන්න පුළුවන් නිදසුන.
අපට කරන්ඩ තියෙන්නෙ ස්වභාව ධර්මයට හානි කරන්නේ නැතිව සංවර්ධනයත් එක්ක ස්වභාව ධර්මය රැක ගන්න එක. මම මීට වසර දහයකට විතර කළින් අනාවැකියක් කිව්වා. භූ කම්පන වලින් පස්සේ එන වැස්ස හුගක් කදුකරයට හානි කරනවා කියලා. ඒ කාලේ මතක තියෙන අයට කල්පනාවෙනවා ඇති මගේ අනාවැකිය. නුවර, නුවරඑළිය, බදුල්ලේ හුගාක් තැන් නාය ගියා. ඒ හින්ද මම කියන්නෙ හැම කන්දක්ම මොන ගොඩනැගිලි ඉදි කළත් මොන වගා ක්‍රම කළත් මනාව ජල පාලනය කරල කරන දෙයක් කරන්න කියන එකයි. මම මේ පිළිබඳව ලෝකයේ ප්‍රධාන පරිසර සගZරාවලට ලිව්වම ඒවායේ මුල්ම ලිපි දෙකතුන අතරෙ ඒවා පළවුනේ ඒ අනාවැකි වල සත්‍යභාවය හින්ද. ඒ නිසා මේව ගැන නොදන්න අය ආවට ගියාට කඳුවල ගොඩනැගිලි හදන්න අවසර දෙනවානම් වගා කරන්න අවසර දෙනවා නම් ඒක වැරදියි. ජල පාලනය කරල කරන දෙයක් කරන්ඩ අවසර දෙන එක තමා හොදම දේ යනුවෙන් මහාචාර්යයවරයා පැවසීය.

Categories:

Leave a Reply

ඔබගේ අදහස් අපිට වටී.ලියන්න පහළින්