නීලම් කුණාටුව









නීලම් කුණාටුවට මුහුණදීම සඳහා ඉන්දියාවේ තමිල්නාඩු  සහ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත සූදානමින් සිටී.
ඉන්දීය කාලගුණවිද්‍යා බලධාරීන් අනතුරු අඟවන්නේ, කුණාටු අද පස්වරුවේ මෙම ප්‍රාන්ත හරහා හමා යනු ඇති බවය.
ඒ හේතුවෙන් පැයට කිලෝමීටර් 100ක වේගයෙන් සුළං හමා එනු ඇතැයි, ඒජන්සි වාර්තා සඳහන් කළේය.
සහන සේවා නිලධාරීන් පැවසූවේ, චෙන්නායිහි පාසල් 282ක් හා ප්‍රජා මධ්‍යස්ථාන 52ක් තාවකාලික සුබසාධන මධ්‍යස්ථාන ලෙස සූදානම් කර ඇති බවය.
නීලම් කුණාටුව හේතුවෙන් මුහුදු යාමෙන් වළකින ලෙස ද ඉන්දීය ධීවරයින්ට උපදෙස් දී තිබේ.





















Categories:

Leave a Reply

ඔබගේ අදහස් අපිට වටී.ලියන්න පහළින්