කොළඹ, ගාල්ල හා මහනුවරට වැසි



 මහනුවර දිස්ත‍්‍රික්කයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් ගඟවට කෝරළය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා. දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පස් කඳු කඩා වැටීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇති බවයි. හාරිස්පත්තුව සහ යටිනුවර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිවාස 08 කටද වර්ෂාවෙන් හානි සිදුව තිබෙනවා.
මේ අතර අද රාත‍්‍රියේ ද දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කරුණු දැක්වීම කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගෝ මහතාගෙන්.
 

මහනුවර ප‍්‍රදේශයට අද පෙරවරුවේ සිට අධික වැසි ලැබෙමින් පවතිනවා.  වික්ටෝරියා ජලාශය ආශ‍්‍රිත තෙල්දෙණිය ප‍්‍රදේශයටද අධික වැසි ලැබෙමින් පවතියි. කොත්මලේ ජලාශය පිහිටි ප‍්‍රදේශයට ද වැසි ලැබෙමින් ඇති බව දැන ගැන්මට ලැබී ඇත. අස්ගිරිය රජමහා විහාරස්ථානයේ පහත් බිම් ප‍්‍රදේශයක්ද ජලයෙන් යට වී තිබෙනවා.

Categories:

Leave a Reply

ඔබගේ අදහස් අපිට වටී.ලියන්න පහළින්