අන්තර්ජාතික ජැයිකා සංවිධානයේ නිළධාරීන් බදුල්ලේ ක්ෂේත්‍ර සංචාරයක.......................
බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමට ලක්වු ප්‍රදේශ යළි සංවර්ධනය කරමින් එම ස්ථාන යථා තත්වයට පත් කළ හැකිද යන්න සොයා බලමින් එම ප්‍රදේශ කිහිපයක ක්ෂේත්‍ර සංචාරයක නිරත වීමට අන්තර්ජාතික ජැයිකා සංවිධානයේ ව්‍යාපෘති භාර ප්‍රධාන නිළධාරීන් දෙදෙනෙකු ඉකුත් ජුනි මාසයේදී බදුල්ල දිස්ත්‍රික් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන කාර්යාලයට පැමිණි අතර එම දිනය පුරාවට භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා ඇතුළු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරීන් සමගින් ඔවුන් බදුල්ල දිස්ත්‍රික්කයේ එවැනි නායයෑමට ලක්වු ස්ථාන කීපයක්ම නිරීක්ෂණයට ලක් කරන ලදී.තවද එම නිළධාරීන් දෙදෙනා බදුල්ල
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් භාර නිළධාරී එස්.එම්.ඩී.සේනානායක මහතා සමගද බදුල්ලේ නායයෑම් ප්‍රවණතාව සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡාවක් පවත්වන ලදී.අනතුරුව ඔවුන් වෙනුවෙන් පවත්වන ලද දිවා ආහාර භෝජන සංග්‍රහයේදී ලබා ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
භෝජන සංග්‍රහය සදහා එම දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු භූ විද්‍යාඥ ආර්.එම්.වසන්ති රත්නායක මහත්මියගෙන් ලැබුණු සුවිශාල සහයෝගයට අපගේ ස්තුතිය!
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය-බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය