දියතලාව හමුදා කදවුරේ පස් කන්දක් කඩා වැටී 6 ක් මරුට.................
අද (10)
දහවල් 1 ට පමණ දියතලාව යුද හමුදා කඳවුරේ පස්
කන්දක් කඩා වැටී යුද හමුදා විශේෂ බලකායේ සෙබලුන් පිරිසක් ඊට යට වී සෙබලුන් හය
දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ. මොවුන්ගේ සිරුරු ගොඩ ගෙන දියතලාව මූලික රෝහලට ඇතුළත් කර
ඇත. රෝහලට ගෙන එද්දී සෙබලුන් පස් දෙනෙක් මියගොස් සිටි බවත් රෝහල් ගතකොට ස්වල්ප
මොහොතකින් තවත් සෙබලෙක් මියගිය බව දියතලාව මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත්
අමරකෝන් මහතා පවසයි. තුවාල ලැබූ තවත් සෙබලුන් දෙදෙනෙක් ශල්‍ය වාට්ටුවට ඇතුළත් කළ
බවත් ඒ මහතා කියයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නැතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.. අද පෙරවරුවේ දියතලාව යුද හමුදා කඳවුරේ නව නිවාඩු නිකේතනයක් ඉදි
කිරීම සඳහා ගෙපැල කැපීම ආරම්භ වී ඇත. ඒ යුද හමුදා කඳවුර මායිමේ පිහිටි දියතලාව
නගරයේ ප්‍රදේශීය ලේකම් කාර්‍යාලය පිටුපස ය. මෙම කඳවුරට අලංකාර නිවාඩු නිකේතනයක්
තිබෙන අතර අළුත් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම ගෙපැල කැපීමේ අරමුණ වී තිබිණ. බ්‍රහස්පතින්දා
සහ සිකුරාදා මහ වැසි දියතලාවට ඇද වැටී තිබුණ නිසා ගෙපැල කැපීම අද පෙරවරුවේ ආරම්භ
වූයේ හොඳින් හිරු පායා තිබූ බැවින් ය. මේ සඳහා විශේෂ බලකායේ සෙබලුන් ද යොදවා
තිබිණ. ගෙපැල කපන්නට ආසන්නයේ තිබූ පස් කන්ද කපද්දී ඉහළින් තිබූ මහා පස් කන්දක්
එක්වරම මෙම සෙබලුන් යට කරගෙන පහළට වැටී ඇතැයි පැවසේ. මෙම අවස්ථාවේ දී සේවයේ යෙදී
සිටි සෙසු භට කණ්ඩායම් සිය සෙබලුන්ගේ ජීවිත බේරා ගන්නට විශාල වෑයමක් ගෙන ඇති අතර
වහාම බැකෝවක් ගෙන්වා පස් ඉවත් කර තිබේ. එහිදී බරපතල තුවාල ලබා සිටි සෙබලුන් හය
දෙනෙකු ඇතුළු සෙබලුන් අට දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇත.
හමුදා විශේෂ බළකායේ කොප්‍රල් ජයලත්, විජේපාල, දසනායක, එකනායක සෙබළ තෙන්නකෝන් සහ බණ්ඩාරනායක දියතලාව පස් කන්දට යට වී මියගිය බවත් බළලත් නිලධාරී සරත් සහ සෙබළ ජයවර්ධන බේරා ගත් බවත් නිවාඩු නිකේතනයක පැති බැම්මක ගෙපළ සකස් කරමින් සිටිය දී පස් කන්දක් කඩා වැටී මේ ඛේජවාඡකය සිදුවිය.
පුදුම වැඩේ