කෙටිකාලීන කාළගුණ අනාවැකිකරණය සඳහා අති නවීන ඩොප්ලර් රේඩාර් පද්ධතියක්.
ලෝකයේ බොහෝ රටවල භාවිතා කෙරෙන අති නවීන තාක්‍ෂණයෙන් යුත් ඩොප්ලර් රේඩාර් පද්ධතියක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ දෙණියාය ගොංගල කඳු මුදුනේ ස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටී.
නවීන තාක්‍ෂණයෙන් යුත් මෙම ඩොප්ලර් රේඩාර් පද්ධතිය ඒ ඒ අවස්ථාවන්හිදී ලැබෙන වර්ෂාපතනයේ ලක්‍ෂණ තීව්‍රතාව මෙන්ම ක්‍ෂණිකව ඇතිවන අධික වර්ෂා තත්ත්වයන් සම්බන්ධව නිවැරදි අනාවැකිකරණයට විශාල පිටුවහලක් වනු ඇත.
රටට අවශ්‍ය නිවැරදි කාළගුණ අනාවැකි ලබාදීමේ කාලීන අවශ්‍යතාව සලකා බලා මේ සඳහා රුපියල් මිලියන 400ක ප්‍රතිපාදන ලබාදී ඇති අතර මෙම වසරේ මැද භාගය වනවිට එහි ප්‍රතිඵල රටට ලබා ගැනීමට හැකිවනු ඇත.
එම ඩොප්ලර් රේඩාර් පද්ධතිය නිරීක්‍ෂණය කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා 2012-01-20 දින අදාළ ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාව ඡායා රූපයෙන් දැක්වේ. එම අවස්ථාව සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.මොහොමඩ් මහත්මිය කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් ජී.බී.සමරසිංහ මහතා හා ඉදිකිරීම් ඉංජිනේරුවන්ද සහභාගී විය.

උපුටා ගැනීම:-

නිළ වෙබ් අඩවිය
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය-බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය