ප්‍රේමකථා අතර අප්‍රකට පෙම් කථාවක් රැගත් දුංහිඳ
බදුලු පුත්‍රයා ආරම්භයේදිම කිවුවනෙ බදුල්ලෙ වැදගත් තැන් ගැන කරුණු කියනව කියල. මුලින්ම කියන්න යන්නෙ බදුල්ලෙ තියන ගොඩක් සුන්දර ස්ථානයක් ගැන ඒ තමයි දුංහිඳ දියඇල්ල. බදුලු ඔයෙන් නිර්මානය වන මේ සුන්දර දිය ඇල්ලට දුංහිඳ කියන්නෙත් විශේෂිත හේතුවක් නිසා. බදුලු ඔය දුංහිඳ කඳු මුදුනෙ ඉදන් පහලට වැටෙද්දි වතුර වළාකුලු ස්වභාවයක් ගන්නවා ඉතින් මෙන්න මේවට දුම් කියල කියපු නිසා දිය ඇල්ල දුංහිඳ වුනා කියලයි විශ්වාස කරන්නෙ.
දුංහිඳ ඇල්ලට යන්න නම් 5Kmක් විතර බදුල්ල town එකේ ඉඳන් නුවර පාරෙ යන්න ඕනෙ. 1Km ක විතර පයින් යන්න ගමනකුත් තියෙනව ඒ ගමනත් බොහොම සුන්දර එකක්. ඒ ගමනේදී තව පොඩි දියඇල්ලක් දකින්න පුලුවන් ඒකට කියන්නෙ පුංචි දුංහිඳ කියල.
මෙන්න මේ සුන්දර දුංහිඳ දියඇල්ලත් එක්ක බැඳී පවතිනව විවිධ ජනශ්රැති. ඒ අතර ප්‍රේම කතා එහෙමත් තියෙනව. ඔය ගම්පොළ රාජධානිය පැවති කාලයේ රාජ කුමාරිකාවක් ඉඳල තියෙනව මාම්පිටිය අනුහස් මැණික් බණ්ඩාර කියල ඔය කුමාරිකාව කහපෙතිය ආරච්චිබණ්ඩාර කියන සාමාන්‍ය වැසියෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වල තියෙනව. මේකට රජතුමා තදින්ම විරුද්ද වුනු නිසා කුමාරිකාව මාළිගාවෙන් පැනල යනව එයාගෙ පෙම්වතා එක්ක.ඉතින් ඔහොම පැනල යද්දි ඒ දෙන්න ඇවිත් තියෙනව කොස්ගොල්ල කියන පැත්තට. ඔය ප්‍රදේෂයෙ විශාල වශයෙන් ගල් වලින් තමයි නිර්මානය වෙලා තියෙන්නෙ. ඉතින් මෙහෙම තිබ්බ විශාල ගල් පර්වතයක් උඩට මේ දෙන්න අමාරුවෙන් ගොඩවෙල කවදාවත් වෙන් නොවෙන්න දිවුරුම් දීල තියෙනව. එහෙම කරල ඒ දෙන්න මේ ගල් පර්වතයෙන් පහලට පැනල සියදිවි නසාගෙන තියෙනව. එදාම රෑ මහා කුණාටුවක් ඇවිත් ඔය පළාතම ගසාගෙන ගිහින් තියෙනවා.එදා ඔය මහා කුණාටුවත් එක්ක මැණික් බණ්ඩාර කුමරිය හඬන ශබ්දය ඇසුන කියලයි ගම්මු කියන්නෙ. අදටත් දුංහිඳ ඇල්ල පිසගෙන හමාගෙන එන තද සුළඟ සැඩ වුනාම කුමරිය හඬන ශබ්දයලු ඇහෙන්නෙ.
ප්‍රේමකථා විතරක් නෙමෙයි දුංහිඳ එක්ක තව බොහොම අපූරු කථාවක් බැඳී තියෙනව. කුමාරසිංහ කියන ඌවෙ හිටපු කුමාරයෙකුට අදාල නිදානයක් දුංහිඳ කොහෙ හෝ සඟවා තියෙනව කියල විශ්වාසයක් තියෙනව. ඒ වගෙම තමයි රත්තරන් තෝඩු තියෙන මාලුවෙක් මේ නිදානය ආරක්ෂා කරමින් ඉන්නවලු. ඔය මාලුව අවුරුද්දකට සැරයක් උඩට මතුවෙනව කියලත් කියනව. කොහොම වුනත් ඔය නිදානය ආරක්ෂා කරන දුංහිඳ, අවුරුද්දකට සැරයක් මිනිස් බිල්ලක් ගන්නවලු.
ඉතින් දුංහිඳ බලන්න යන ඔයාලා මේ කතා අහල නිදානය හරි අර මාලුවව හරි හොයන්න වතුරට නම් බහින්න එපා කියලයි බදුලු පුත්‍රයට කියන්න තියෙන්නෙ. මොකද කොහොමත් දුංහිඳ වතුර වැටෙන තැන ඉතාමත් ගැඹුරුයි.ඒකනිසා එතන නාන්න කරන්න යන්න නම් එපා. ඒත් එක්කම මැණික් බණ්ඩාර කුමරිය හඬන ශබ්දය ඔයාලටත් ඇහෙනවද කියල බලන්න අමතක කරන්න එපා..........
මෙම ලිපියේ සැබෑ අයිතිය බදුලු පුත්‍රයා සතු වේ.
http://baduluputraya.blogspot.com/
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය-බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය
content directly copied from http://baduluputraya.blogspot.com/2010/08/blog-post_25.html
again copied from
http://baduluputraya.blogspot.com/2010/08/blog-post_25.html
We will see how far you can go with these copied things..
Badulu Putha Very sorry
ඔයාගේ ලිපි කොපි කර සබැදියක් ලබා නොදීම ගැන පළමුව කණගාටුව පළ කරමි
මින් ඉදිරියට එසේ නොවන්නට වග බලා ගැනීමට එකඟ වෙමි.
ඔඹ දිගටම ලියන්න අප වෙත එන්න
ස්තුතියි!
බදුලු පුත්‍රයා බ්ලොග් එක කරන එකේ ප්‍රධාන අරමුණ බදුල්ල ගැන, ඉතිහාසය ගැන තොරතුරු හැමෝටම බෙදා දෙන්න..ඉතින් බදුලු පුත්‍රයා බ්ලොග් එකේ තියෙන දෙයක් copy කරල වෙන තැනක publish කරනවට බදුලු පුත්‍රයගෙ කිසිම විරුද්ධත්වයක් නෑ. හැබැයි එක ලිපියක් ලියන්න ගොඩක් මහන්සි වෙන්න ඕනි ඉතින් ඒකට පුංචි සාධාරණත්වයක් තියෙන්නත් එපැයි අන්න ඒ නිසා තමයි ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල දිස්ත්‍රික් ඉංජිනේරුතුමාට මේ ගැන දැනුම් දුන්නේ...ඒ කෙටි දැනුවත් කිරීමෙන්ම අඩුපාඩුව සකස් කිරීම ගැන එතුමාටත්, මේ බ්ලොග් එක කරන ඔබටත් බදුලු පුත්‍රයාගේ ස්තූතිය. මින් ඉදිරියටත් බදුලු පුත්‍රය එක්ක රැඳී ඉන්න කියලත් ආරාධනා කරනවා.
බදුලු පුත්‍රයා බ්ලොග් එකේ පලකරන අලුත් ලිපි publish කරන්න ඔබට ඉදිරියටත් කිසිම තහනමක් නෑ....:)
Madava Viranjan